Sunday, November 20, 2016



අන් සතු දේ අන් සතුයි
තමා සතු සියල්ල තමා
සතුයි.. තමන්ගේ නොවන
කිසිවක් කිසිවිටෙක තමා
ගේ යයි නොසිතන්න.. මක්
නිසාදයත් ඒ ඔබ ඔබවම
රවටා ගැනීමක් වන නිසා..
තමාගේ යයි තමන් සතු
යමක් වේ නම් එය යම්
දිනෙක ඔබ සොයා අනිවා
පැමිණේවි.. එතෙක් ඔබ
සතු දේ පමණක් රක්‍ෂා
කර ගන්න වෙර දරන්න..
``````````````````````````````
෴%සඳකින්නරාවි%෴

ජීවිතේ ගොඩාක් හැල
හැප්පීම් සිද්ධ වෙනවා..
අස්ථිර ලෝකයේ ස්ථිරයි
කියන්න පුළුවන් මොනවද
යථාර්තය අපි ලඟම හැම
විටම දිස් වෙනවා.. ජීවත්
වෙන්නේ ආශාවටද ආශාව
ජීවත් කරවනවද.. ආදරය
ආශාව වැඩි කරනවා.. බැඳීම්
එකතු වෙන්න එකතු වෙන්න
ආශාවන් වැඩිවෙනවා.. අප
දමා යන්න අත්හරින්න නොහැකි
ලෙස බැඳීම් වැඩි කරගන්නවා..
ආදරය ලබා ගන්න වත් බෙදා
ගන්නවත් මම තරඟ කරන්නේ
නෑ.. ඒ හැම විටම මම පරාදවී
තිබෙනවා.. තවත් ඒ පසුපස
දිවීම තේරුමක් නෑ.. සියල්ලම
ගිලිහුනත් බැඳීම් වලින් ඈත්වී
ජීවත්විය හැකි නම්.. තවත්
අයෙකුගේ දැවෙන ප්‍රශ්ණයකට
ලැබෙන විසඳුම තමන් විසින්
ඔවුනට ලබා දෙනවා.. අතහැරීම
පහසු නැහැ.. පරිත්‍යාගය උදෙසා
අත්හැරීම හදවතින් කලහැකියි..
`````````````````````````````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴



දෙනෝදාහක් දෙනා අතරත්
මගේ තනිකම දුරු කරන්නට
හදේ සියුම් දුක නිවාලන්නට
කාටවත් කල නොහැකි නම්..
ඔබව නැති මට කවමදාවත්
සිනාසෙන්නට නොහැකියි මුළු
හදින්.. මගේ ලෝකෙට පාව ආ
පුන් සඳයි ඔබ.. හදේ හැඟුමන්
ආදරෙන් පුරවා.. ජීවිතේ රස
කෙරුවෙ.. මගේ දුකත් ඔබේම
කර ගත්තෙත්.. අවැසි හැම
මොහොතක්ම මා ලඟින්ම 
හිටියෙත්.. ආදරේටමයි නේද..
`````````````````````````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴

ඔබට තවත් මා ජීවත් 
වන්නෙකු නොවෙයි..
සැබැවින්ම මගේ 
ආත්මයම මිය ගොසින්.. 
යළිඳු කිසිදා හදවත 
නොගැහේවි.. කථා
කරණ හැම විටෙකම
සුපුරුදු ලෙස ආදරෙයි
කියන්නට හිත කීවද
ඔබ විසින් මිහිදන් කල
අතීතය යළි ගොඩදමන්න
තරම් ආත්ම ශක්තියක්
මා සතු නොවුන බැවින්
සියල්ල හද තුල පමණක්
රඳවා ගන්නම්.. මා සමඟ
ආත්මයද මියෙනවානම්..
````````````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴

ඔබේ නෙතුමානේ හිඳන්
රාත්‍රියේ දිලෙනා තරැ දෙස
බලන්.. නිහඬ තාවෙන්
හිඳන්.. ගෙවන්න හෝරා
ගනන්.. සිතට සිසිලක්
වෙමින්.. සුළං යන අත
බලන්.. හිඳින්නට ඇහැකි
නම්.. ඔබේ මුහුනත් බලන්..
කැකුළු මල් පීදෙනා..
හිමිදිරියම එන තුරා..
පිණිපොකුරැ සොලවලා
නහවන්න ආසයි ඔයා..
රැයට අප අමතක වෙලා
ගෙවුන කාලය නිම වුනා..
යළිදු නොඑනා දින නිසා..
හිතේ දුක හිර වෙලා..
හිඳින්නම් සෑමදා..
ඔබට ආදරෙයි මම සදා..
``````````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴

පාට කරපු සිතුවමක
මම හැඩට ඇන්ඳ හීන
ගොඩම බොඳවෙලා ගියාම
හිස් කඩදහිය මටම ඔච්චම්
කලහම.. මම ගොඩාක් සසල
වුනා.. මම උන්නු තත්වය මට
කියලා දුන්නා.. අහේතුකව
මම හිතුවා මේ තමයි මේ
ලෝකේ ඉන්න හොඳම කෙනා
කියලා.. මෝඩ කමට මම
හිතන්නේ එහෙමයි.. එහෙත්
ලෝකය විෂමයි.. මම වගේ
හිතන්නේ මම විතරයි.. එහෙත්
මගේ හිතට සමාන හිතක් මට
හමුවුනා.. හංගන්න මම දන්නේ
නැති නිසා මම ආදරෙයි කිව්වා..
මම ආයෙත් වැරදි ඇති.. මම
එයාට ආදරෙයි කිව්වා විතරයි..
එයාගෙන් මම ආදරයක් ඉල්ලුවේ
නම් නෑ.. ආයෙත් අඬන්න මගේ
ලඟ තවත් කඳුළු නැති නිසා..
````````````````````````````````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴


දහසක් දේ එක වදනින්
කියූ ඔබ මට ආදරේ බව
හැඟුනා හුඟක්.. මුළු
රැයම පහන් වන තුරා
මට දැනුනා හුඟක්.. ඔබයි
මගේ සඳ කිරණ දුරින් හිඳ
සිසිල දෙන ඔබ නැතුව මම
කොහොම හිඳිම්දෝ කියන්..
ආදරෙයි ආදරෙයි අපි අපට
නොකිව්වාට මම දන්නවා
හොඳට.. ආදරෙයි හුඟක්..
ඔබගෙන්ම පටන් ගෙන
ඔබගෙන්ම නිමා වෙන දවස
ගෙවෙනා තරම සුන්දරයි
හැමදාම නිවෙනවා හද ගින්න..
````````````````````````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴