Thursday, December 22, 2016

ඔබ කතා කරණ හැම
විටම මගේ හදවත 
ගැහෙන්නේ මට දරා
ගන්න බැරි විදියට..
ඒ තරම් මට ඔබව
දැනෙනවා.. ඔබගේ
තුරුලට වෙලා හැමදාම
සැනසෙන්න බැරි වුනාට..
මගේ හදවතේ ඔබට
ඇරෙන්න තවත් යළිත්
කවරෙකුටවත් ඉඩක්
නොතිබේවි.. මට ඔබ
නොදැක ගෙවෙන හැම
මොහොතක්ම හද වේදනා
ගෙනෙනවා.. ඒත් අසීරුවෙන්
මම දරා ගන්නවා.. ඒ ඔබ
ගැන ඔබේ ලෝකය ගැන මම
හොඳින් දන්න නිසා.. මගේ
ආදරේ පිලිගන්න තරම්වත්
ඔබට නොහැකි බව හොඳින්
දන්න නිසා.. මට ඉන්නේ ඔබ
පමණක් බව පමණක් දැන
ඉන්නවා නම් දිවිය පුරාවටම
හැම දුකක්ම දරා ගන්නම්..
```````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴

No comments:

Post a Comment