Saturday, November 19, 2016


යම්කිසිවෙකු අහේතුකව
ඔබව ප්‍රථික්‍ෂේප කරනවා
නම්.. කිසි විටෙක හේතු
නොවිමසන්න.. මන්ද යත්
ඔබෙන් වෙන්වීමට දහසක්
හේතු ඔවුන් සතුව තිබෙන්නට
ඇත.. ඔබව වටහා ගත් හා
ඔබ හා අවංකව බැඳුණු යම්
තැනැත්තා කිසිදා ඔබව අහිමි
කර නොගනී.. වැරදි නිවරදි
කරමින් ඔබත් සමඟම හිඳීවි..
`````````````````````````````````
෴%සඳකින්නරාවි%෴

සීතලට ගුලිවෙන්න
මට හිතයි ඔබ ගාව..
උණුහුමට ලන්වෙලා
මුමුණමින් හිනැහෙන්න..
රඈ පුරා උණුසුමේ 
ආදරේ විඳගන්න..
ඔය හිතේ ආදරේ තව
තවත් වැඩිවෙන්න..
සිහිනයක පාවෙවී
ජීවිතේ ගත වෙන්න..
ගෙවෙන ගෙවෙන හැම
මොහොතෙම.. ඔබ හිනැ
හෙනවා නම් මගේ ලඟ..
සිතෙන සිතන හැම විටකම
මතකෙට එනවා නම් ඔබවම
ආදරයක් හැරැණු විටෙක
මෙලෙස උමතුවක් මොකටද
පිලිගන්නකො මම ඔයාට
ආදරේ`කරනවා සැමවිට..
``````````````````````````````
෴%සඳකින්නරාවි%෴


පෙරවගේ වෙන්න මට බැහැ
ඔබට.. ජීවිතේ විඳින මහා
දුක් ගොන්න තවම මම විඳිනවා
තනිවම.. ආදරය කල වරදට
විඳවනවා තවම.. වල්මත් වූවන්ට
නොදැනුනාට දුක විඳිනවා තවම
මම.. මගේ හිත හදන්න මගේ
ලඟම ඉඳන්.. ලෝකයක් කතා
දොඩන ඔය හිත අහන්නවත්
තරම් කාලයක් අහිමි වෙනවිට..
ආයේ මේ සසර තුල තනිවෙලා
කියා හිතෙන කොට.. දෝරෙ
ගලන සෙනෙහස තුරැල් කරන්
වැලපෙනවා හැර කුමක් කරම්ද..
ජීවිතේ පරාදව ගෙවන දිවි විටින්
මටම මා එපා කරවන තරම..
තවම මම සොයනවා කුමක්ද
මා කල වරද ආදරය හැරැනුකොට..
``````````````````````````````````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴

;
පෙර දින මට වැදුණු
අකුණු සැරයේ කම්පනය
තවමත් තියෙනවා.. ඔබේ
හදේ මටත් ඉඩක් තිබිලා
තියෙනවා.. මගේ දෑස්
තෙත්වුනා.. මට අදහාගන්න
බැරි වුනා.. ඒ ෂොක් එක
තවම තියෙනවා.. මම
වදන් දහසක් කියද්දී..
ඔබ ලස්සනට එක වදනක්
ගැලපුවා.. දෙයක් කියන්නද..
ඇත්තටම තවත් ආදරේ
වැඩිවුනා.. දුරස් උනත්
අප අපේ හිත්තුල තවත්
ලංවෙලා.. ආයේ කවදාවත්
වෙන් වෙන්න නම් බැරිවේවි..
``````````````````````````````````
෴%සඳකින්නරාවි%෴

හිතින් හිතුවට කරන්න බැරි දේ
ගොඩායි.. ආදරේ ඉදිරියේ අපි
ගොඩාක් අසරණයි.. මොන තරම්
ශක්තිමත්ව හිටියත්.. මොහොතින්
කඩන් වැටෙනවා.. දුක වේදනාව 
ගොඩාක් දැනෙනවා.. අහිමිවුනත්
ගොඩාක් ආදරේ දැනෙනවා.. හිමි
වීම කියන්නේ ජයක්.. අහිමි වීම
පරාජයක්ම නොවන.. ජයක්..
කෙනෙක්ගේ හිත තුල ජීවත්වෙන්නේ
අහිමිවූ කෙනා පමණයි.. හැම
මතකයක්ම සදහට අමතක කල
නොහැකියි.. එවන් ආදරයක් හිත්
තුල තව තවත් දළුලාවි.. මතකය
තුල සදාකාලික ජීවත් වේවි..
````````````````````````````````````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴
වසරක් ගෙවුනා..
අම්මා එක්ක කතා
කරපු අන්තිම දවසට..
අවසානයේ අතිනුයි
කතා කලෙත්.. මොනවා
කරන්නද උහුලන්න බැරි
උනහම.. අමතක කල
නොහැකි අමතක කරණ
තරමට හොඳ තවත් දවසක්....
```````````````````````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴



හිත හොඳටම රිදිලා..
ගොඩාක් පීඩනයෙන් උන්නේ..
හැම දෙයක්ම අමතක කරන්න
හැදුවත් හැම දේම අවුල් කර
ගන්නවා.. කොයි දේ කලත් මට
ඔයා උන්නා.. පැලෙන්න තරම්
රිදෙනකොට ඔළුවම මට ඔයාව
තදින්ම දැනුනා.. මගේ ලඟම
ඔයා උන්නා වෙනදා වගේම..
මට එකවරම අකුණු පහරක්
එල්ල වුනා.. දෑස් තෙත්වුනාද
ක්ලාන්ත උනාද මම දන්නේ නෑ..
තවම මම සිහිසුන්වයි ඉන්නේ..
ඔබ සියල්ල පවසා අවසානයි..
මමද කියා අවසානයි.. මියැදුනු
ආත්මයකට පණ පොවන්න මම
දන්නේ නෑ.. ඒත් මියැදුනත් මට
සැනසීමක් නම් නෑ.. ඒ ඔයාගේ
හිත රිදවීමේ වරදට.. එකම එක
දෙයයි මට කල හැක්කේ..ඒ ඔබේ
හිත රිදවීමේ වරදට සමාව ඉල්ලීම
පමණයි.. මහා දුකක් වින්ද මමත්
මහා දුකක් දුන්නානම් විඳ වන්නම්
සසර පුරාම.. හැර යන්නම් සියල්ලම..
```````````````````````````````````````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴


බලාපොරොත්තු හිත්තුල
තබා ගෙනම බලන් උන්නා..
හැම හීනයක්ම බොඳවෙලා
ගියා.. හිස්ම හිස් හදවතක්
ඉතුරි වුනා.. ගැහෙන්නටවත්
ප්‍රාණයක් නොමැතිවම.. ඉර
අවරට හැරුණා.. වැහි බිඳු
රූරා වැටුනා.. මගෙ හදවතම
ගල් ගැහුනා.. යළිත් පණක්
නොලබන්නම සියල්ලම නැසී
ගියා..සදා කාලික නොවුනාට
සියල්ලම.. යළි වදන් පෙලක්
මා හදවතේ කෙටුනා.. ඒ යළි
කිසිදු දිනෙක අමතක නොම
වන්නම.. ඔබට සදාකල්ම මම
එකසේ ආදරය කරණ බව..
ඔබද මට ආදරේ බව දනිමි..
`````````````````````````````````
෴%සඳකින්නරාවි%෴

හලෝ කොහොමද?
ඔයා සනීපෙන් ඉන්නවාද?
ඔයා දුකින්ද හිටියේ..?
සතුටින් පරිස්සමින් ඉන්න..
ඔන් ***ලයින් ආවාම ලියන්න
හිතුනත්.. බයයි සෙන්ඩ්
වෙයි කියලා.. ඒ මගේම
කියලා මට ආදරේ කරන්න
කෙනක් නොමැති නිසා..
අන්සතු හිත් වලට ලංවීම
දුකක් බව දැන දැනම
ආදරේ කලාට දුක උහුලන
විදිය නම් මම දන්නෙම නෑ..
ඒ තමයි මගේ තරම.. තවත්
කවදාවත් මම කෙනෙක්ට
බැඳෙන්නේ නම් නෑ.. මේ ලෝකේ
දේවල් දරන්න බැරි තරම් මම
පුංචි වැඩී කියලා කිව්වේ නම්
වෙන කවුරැවත් නෙවෙයි ඉතිං
ඔයාමනේ එහෙම කියන්නත්..
හැම කතාවක්ම අහවරයි ඉතිං..
````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴

රඈ පුරාම ලෝකෙ වටේ ගියා
උණ විකාර වුනහම එහෙමයි
මට.. වේදනාව ටික වෙලාවක්
අමතක වෙනවා ඔයාව මතක්
උනහම.. කොහොම උනත්..
ඔයා මං ගැන නොහිතන එක
ගැන මම සතුටුයි.. ලොකුවට
තියා පුංචියටවත් බැඳීම් ඇති
කර ගන්නෙපා.. පුළුවන් තරම්
සැහැල්ලුවෙන් ජීවත් වෙන්න..
ජීවිතේ විඳොවන්නෙපා විඳින්න..
``````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴

මම දන්නවා එයා මට ආදරේ
නෑ.. ඉඳලා ඉඳලා ඇවිල්ලා
එක වචනයක් කියපු ගමන්
මම වයින් අප් වෙනවා.. ඒක
ලස්සන ගේම් එකක්.. මට
නෙවෙයි ඔයාට.. ආදරේ නිසා
මම රඇවටෙනවා.. කිසිම..
බලාපොරොත්තුවක් තරම්වත්
නොදී.. මම හිතනවා ඒ ආදරය
කියලා.. ඒත් ආදරය කියන්නේ
ගොඩාක් ගැඹුරැ දෙයක්.. හදවතේ
කොටසක්ම නැතුව වගෙයි මම
ජීවත් වෙන්නේ.. ඒමට කවුරැවත්ම
නැති නිසා වෙන්න ඇති.. ගොඩාක්
අය ආදරේ කරණ කෙනෙකුට ආදරේ
අගයක් දැනෙන්නේම නෑ.. ඒ එයාට
ආදරේ නොඅඩුව ලැබෙන නිසා..
ඒත් මට ගොඩාක් අය ඕනේ නෑ..
මට ආදරේම ආදරේ එක්කෙනෙක්
ඇති.. මම බොළඳයි කිරිසප්පයෙක්
තරම් බොළඳ වෙලා.. ජීවිතේ හොයනවා..
````````````````````````````````````````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴

ඔබ ගැන මා හිතන විදිය
කොයි වගේද.. මා ගැන
ඔබ හිතන අයුරැ කොයි
වගේද.. මේ දේ ගොඩාක්
වැදගත්.. එකිනෙකාට
කතා කරලා විවෘතව දැන
ගන්න පුළුවන් නම්.. ගොඩාක්
දුරට අවංකව.. ප්‍රශ්ණ ගොඩාක්
විසඳෙනවා.. හිත ඇතුලෙ දෙයක්
තියන් තව දෙයක් කතා කරද්දිනම්..
ප්‍රශ්ණයක් අනිවා ඉතුරැ වෙනවා..
ලෝකෝත්තර කපටි කෛරාටිකයි
නම් මම අද ඉන්න ඕනේ මෙතනද?..
ඇයි ඒ දේ ප්‍රයෝජනයට නොගත්තේ..
ජීවිතේ මම හිතනවාට වඩා ගොඩාක්
වෙනස්.. ගෙවුනු සබඳකම් ගිලිහුනේ
මගේ වරදින් නොවේ.. තව දුරටත්
ඒ අය මගේ ලෝකයේ නෑ.. අනුරාගික
සිතුවිලි මින් මතු යළි කවදාවත්
ඇතිකර ගන්නෙත් නෑ.. තව දුරටත්
ආදරේ හොයා යන්නෙත් නෑ..
```````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴



සැනසීම කියනදේ හිතන
තරම් පහසුවට හොයා 
ගන්න බෑ.. අපි ජීවත්වෙන
සමාජෙ මිතුරු වෙසින් සිටින

සතුරෝ දකින්න හඳුනන්න
අමාරුයි.. සමහර දේ තේරැම්
යද්දි ප්‍රමාද වැඩියි.. ඒත්..
දුකේදි සැපතට වඩා ලඟින්
හිඳින තැනැත්තා තමන්ට
ගොඩාක් ආදරේ ඇති..
එවන් මිතුරා පනසේ රකින්න..
_________________________
෴%සඳකින්නරාවි%෴


මට ආදරේ බව මම දන්නවා
මං නිසා හිත රිදෙන බවත්
මම දන්නවා.. මං වෙනුවෙන්
ගොඩාක් කැප කිරීම් කරණ
බවත් දන්නවා.. කොයි තරම්
දේ කලත් ඔබ නිහඬයි.. ඔබ
තරම් පිවිතුරැව ආදරය කරන්න
මම දන්නේ නෑ.. ඒත් ගතවෙන
හැම මොහොතක්ම මට ඔබව
මතක් වෙනවා.. ආදරේ හිතෙනවා..
සත්තයි ඔබට මම ආදරෙයි..
``````````````````````````````````
෴%සඳකින්නරාවි%෴
අනිත් හැමෝම ආදරේ සමරද්දි
වැලන්ටයින්, ඇනිවසරි, මටත්
මතක් වෙනවා මගේ ආදරය..
සමරැ පලකෙක ඔයාත් මමත්
හිනාවෙන පින්තූරක් අඳින්න ආසයි
ඔයාගෙයි මගෙයි.. ඒත් ආදරෙයි
නොකියා අප අපට.. සමරන්නේ
කොහොමද.. කෝ අපේම දවසක්..
හදවත කොනිත්තනවා.. හෙමි
හෙමිහිට.. ආදරේ නම් සඟවන්න බෑ..
මේ මම සැබෑ නොකල හීනයක්..
අනවසරෙන්ම මම ඔබ හිතට
ඇතුල් වෙන්නම්.. ආදරේ නිසාම..
```````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴