Saturday, December 17, 2016

මෙතෙක් මා සිතුවා වැරදි
බව රාත්‍රිය පහන් වන තුරැම
සිතුවෙමි.. අප කල කථාබහ
එකිනෙක බැලුවේමි.. සත්‍ය
නම් මවිසන් මා රවටා ගත්තා
පමණි.. කිසිවෙකුට මගෙන්
ඵලක් නොමැත.. මටද කිසිදු
ඵලක් නැත.. අවඤ්ඤාවට
ලක්වනවා මිස.. හිත තුල ඇති
හැඟීම් පහදන්න අසීරුයි..
ඒත් මා තවමත් හුදෙකලාවෙයි..
අවසානය මම දනිමි හොඳින්..
සියල්ල අවබෝධයෙන් ජීවත් වෙමි..
````````````````````````````````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴
පන වගේ ආදරේ කරලා
සුනු විසුණු වුන හදවතක
තියෙන වේදනාව තේරුම්
ගන්න පුළුවන් එහෙමත්
කෙනෙකුට.. එහෙම තේරුම්
ගත්තු කෙනෙකුට උනත් පන
වගේ ආයෙත් ආදරේ කරන්න
පුළුවන් කියන්නේ.. නම් ලොකූ
භාග්‍යයක්.. මම ආදරේ කරනවා..
ජීවිතේ හැමදෙයක්ම අමතක
කරන්න බැරි උනත් ආදරේ කරණ
කෙනාට කිසිදු අසාධාරණයක්
වෙන්න මම දෙන්නේ නෑ.. අතීතය
මගේ.. වර්ථමානය අනාගතය අපේ..
සියල්ල මොන අයුරින් විසඳුනත්
මාව තලා පෙලා හෙලා දැමූ හිත්
වලට මම වෛර කරනවා.. මං
ගැන නොහිතන කිසිවෙකුට යළි
කිසිදු දිනෙක මා ඉඩක් තබන්නෑ..
මගේ වේදනාව නොදන්න අයට
මම මියගිහින් අවසන්.. මගේ
චිතකයේ අළුත් පා කර යවා
අවසානයි.. ආදරේ පිරුණු හදක්
මටත් තියෙනවා.. පෙර හෙළූ
කඳුළින් ජීවිතේ වන්දි ගෙවා අවසන්.
`````````````````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴