Sunday, November 20, 2016


ජීවිතේ ගොඩාක් හැල
හැප්පීම් සිද්ධ වෙනවා..
අස්ථිර ලෝකයේ ස්ථිරයි
කියන්න පුළුවන් මොනවද
යථාර්තය අපි ලඟම හැම
විටම දිස් වෙනවා.. ජීවත්
වෙන්නේ ආශාවටද ආශාව
ජීවත් කරවනවද.. ආදරය
ආශාව වැඩි කරනවා.. බැඳීම්
එකතු වෙන්න එකතු වෙන්න
ආශාවන් වැඩිවෙනවා.. අප
දමා යන්න අත්හරින්න නොහැකි
ලෙස බැඳීම් වැඩි කරගන්නවා..
ආදරය ලබා ගන්න වත් බෙදා
ගන්නවත් මම තරඟ කරන්නේ
නෑ.. ඒ හැම විටම මම පරාදවී
තිබෙනවා.. තවත් ඒ පසුපස
දිවීම තේරුමක් නෑ.. සියල්ලම
ගිලිහුනත් බැඳීම් වලින් ඈත්වී
ජීවත්විය හැකි නම්.. තවත්
අයෙකුගේ දැවෙන ප්‍රශ්ණයකට
ලැබෙන විසඳුම තමන් විසින්
ඔවුනට ලබා දෙනවා.. අතහැරීම
පහසු නැහැ.. පරිත්‍යාගය උදෙසා
අත්හැරීම හදවතින් කලහැකියි..
`````````````````````````````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴

No comments:

Post a Comment