ඔබේ නෙතුමානේ හිඳන්
රාත්‍රියේ දිලෙනා තරැ දෙස
බලන්.. නිහඬ තාවෙන්
හිඳන්.. ගෙවන්න හෝරා
ගනන්.. සිතට සිසිලක්
වෙමින්.. සුළං යන අත
බලන්.. හිඳින්නට ඇහැකි
නම්.. ඔබේ මුහුනත් බලන්..
කැකුළු මල් පීදෙනා..
හිමිදිරියම එන තුරා..
පිණිපොකුරැ සොලවලා
නහවන්න ආසයි ඔයා..
රැයට අප අමතක වෙලා
ගෙවුන කාලය නිම වුනා..
යළිදු නොඑනා දින නිසා..
හිතේ දුක හිර වෙලා..
හිඳින්නම් සෑමදා..
ඔබට ආදරෙයි මම සදා..
``````````````````````````
෴%සඳකින්නරාවි%෴
No comments:
Post a Comment