Sunday, November 20, 2016


අඳුරු හීනෙක තනිවෙලා හිඳ
දුටුව දුක්බර හීනයන් සැම
අතීතයකට මුසු වෙලා.. හිත
රිදෙනවා නම් දැන් ඉතිං මිහිරි
ආදර බස් නිසා.. ජීවිතේ මම
විඳිනවා යළි ඔබේ ආදරයත්
නිසා.. සසර මතුදා වෙන් වුනත්
අප.. රුදුරු නෑ ඔබ අවිහිංසක
නිසා.. නොරිදවාලයි මගේ හදවත
මටත් වඩා ඔබ ආදරෙ නිසා..
හිතන්නෙපා මම ඔබව හැරදා
යාවි කියලා අන් හිත් සොයා..
ලොවෙන් වෙන කවරෙකුත් නෑ..
ඔබේ ආදරේ හිමි වෙලා.. ඔබ
නොමැති ගෙවෙනා තත්පරෙත්
මට කල්ප කාලාන්තරයක් වෙලා..
වෙලෙන්නට මන් ඔබේ උණුසුමේ
බලා ඉන්නම් ඔබ පැමිනෙන තුරා..
දුරින් හිඳ මම හොරෙන් බලනවා
ඔබේ දෑස් දෙස සිත් ඇති තුරා..
```````````````````````````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴

No comments:

Post a Comment