Thursday, December 22, 2016

මෙච්චරටම ආදරේ බව මම
දැනන් උන්නේ නෑ.. ආදරේ..
ලඟ නැති උනාම ජීවතේම
එපා වෙනවා.. ලොකු ලොකු
හීන නැතත්.. මගෙත් හිතේ
සොඳුරු පුංචි හීන ගොඩක්
තියෙනවා.. සියල්ලම එපා
වෙන වෙලාවකුත් එනවා..
ඒ ආදරේ නිසා ඇතිවෙන
පුංචි පුංචි දේ මහා ලොකුවට
හිතට දැනෙන කොට.. මේ
හැමදේම ආදරේ නිසයි..
ඔයාගේ හදවතේ මට තියෙන
තැන විශාලයි.. මම ඒක දැන්
දන්නවා.. ආදරේ වචන වලට
සීමා කරන්න බෑ.. හදවත කතා
කරණ එක නවත්තන්නත් බෑ..
``````````````````````````````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴


ගොඩනැගීම් බිඳවැටීම්
අතර මා දන්නේ බිඳවැටීම්
ගැන පමණි.. සියල්ලම 
මාගෙන් ගිලිහේවි.. 
මා පමණක් ඉතිරිව නම්..
මා තනිකමට යළිඳු
අනුගත වෙන්නට හුරු
විය යුතුයි.. මා යා ව ක්
ඡා යා ව ක් හී න ය ක්
පමණක් හදෙහි ශේෂකොට
හද ගිලන්ව වැතිරෙමින්..
````````````````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴
සල්ලි මම හා ආදරය..
බාත් රූම් තිබ්බ පලියට
මම සල්ලි කාරයෙක් 
නොවුනට සැබෑ ආදරයක්
මා ලඟ තිබ්බා.. මම ඒක 
මුදලට සල්ලාල කමට හා
ආශාවට පාවලා දුන්නේ නෑ..
මම හැමදේම උපේක්‍ෂාවෙන්
වින්දා.. ලෝකය විෂමයි..
එහි රස විඳින්නා මම වෙන්නම්..
හැම දේම මහා විහිළුවක්ම
විතරයි.. කණගාටුවක් හා
මිරිඟුවක්ම පමණයි.. මායාවක
ඡායාව පිපාසය මගේ අරමුණු
වෙනස් කලා.. දුබල කලා හා
විනාශ කලා.. තවත් විනාශ වේවි..
```````````````````````````````````````````````````````````````
෴ංංංසඳකින්නරාවිංංං෴


මගෙ මුලු හිතම පිරිලා
ඒ ඔයා ගැන තියෙන
ආදරෙන්.. හිස් තැනක්
හොයා ගන්න නම් නැති
වේවි.. පුලුන්නම් මට
කියලා දෙන්න මම
කොහොමද ඔයාව 
අමතක කරන්නේ කියලා..
ආදරේ කරන්නේ මම
පුංචි එකෙක් වගෙයි..
ඔයා මට රිදවන කොට
හිත ගොඩාක් රිදෙනවා..
ඔයාගෙන් මම ආදරේ
ඉල්ලන්නේ නෑ.. මට
ඔයාගෙන් ගොඩාක් ආදරේ 
දැනෙනවා.. සත්තයි..
```````````````````````````````

෴%සඳකින්නරාවි%෴
හිත ලඟම තුරුල් කර ගත්තේ
ඔබේ උණුමට ගුලි වෙලා හීන
දකින්නයි.. ඒත් මම කලේ රෑ
පුරාවටම ඔයා දිහාම බලන්
උන්නු එක.. ආදරේ.. මට

ඔයාට කියන්න බැරි වුනා..
ඔයාට යන්න කිව්චට ඔයා
ගියාට පස්සෙ මගේ හිත මොන
තරම්‍ පාළුවෙන්ද.. මට ඕනේ
හැම තිස්සෙම ඔයා එක්කම
ඉන්න.. මම මෙහෙම හිතුවට
අපට කරන්න පුලුවන් මොනවද..
හිත් දෙකේ ආදරේ ගුලි කරන්..
හූල්ලනවා හැරෙන්න.. නේද?,,
``````````````````````````````````````````````````````

෴%සඳකින්නරාවි%෴

ඔබේ සුසුම මට දැනුනා..
මගේ ලඟම.. ඔව් මගේ
ලඟින්ම.. සෙනෙහස් සුවඳ
පොද.. පිස්සෙක් වගෙයි
මම කියවන්නේ හැමදාමත්..
මට අහිමි විජිතයක දකින
හීනයට පෙම් බඳින.. මුලාවූ
මුවැත්තියක් සේ.. විලාප
නොතියා.. හද දෙවනත්
කරණ වේදනාව හදේ මා
හිරකරන්.. කොහොමද මම
ඉන්නේ කියන්න.. ඇත්තටම
මම ඔබට ආදරෙයි නම් සුදූ..
``````````````````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴
ආදරයට ලඟ උන්නා මිසක
ආදරයට වංචා කරන්න
අවස්ථා වාදී වෙන්න නම්
හීනෙන්වත් හිතන්නේ නෑ.. 
හිතන්නත් බෑ.. ඔබ මට
ආදරය නැති බව මම දැන්
දනිමි.. එනමුත් තව තවත්
මම ඔබ ගැනම සිතමින්
ඔබටම වියරැවී ආදරය කරණ
බව දනිමි.. කිසිම හදක් මා
වෙනුවෙන් නො ගැහුණත්.. මේ
හද ගැහෙන්නේ ඔබගේ නමින්ය..
`````````````````````````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴

ජීවිතේ කරන හැම දේම
නුවනක්කාර දේවල් නොවේ..
කරපු ගොඩාක් දේ වැරදී
කියලා හිතෙද්දි නම් අපි
පරක්කු වැඩී.. කන්න දීපු
අත හපා කන්නවත්‍ වැරදි
වහ ගන්න තවත් කෙනෙකුට
දෝෂාරෝපනය කරන්නවත්
සත්‍ය වසංගන්නවත් අවශ්‍ය
තාවයක් නැහැ.. මුල මැද අග
හොඳට මතකයි.. කරපු කුහක
කම් අමතක`කලත් මම.. යම්
අයෙකු යමක් දිය යුත්තේ දුන්
දේ ගැන අමතක කරලා වගේම
ගන්නා අයෙකු එය ගැනිය යුත්තේ..
කවදා හෝ නැවත දෙන්න අදිටන්
කරලා.. ඒ අධිෂ්ඨානය තවමත්
හදවතේ ඉතුරුයි.. දවස අස්ථිරයි..
`````````````````````````````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴

විඳීමේ සතුට කඳුලක්
සමඟම දෑසට ලංවෙන
බව වින්ඳෙමි.. සතුටනම්
සඳකින්නරාවිය සතුවිය..
එය නම් මා ලද අවිහිංසක
නිහතමානී තෘප්තිමත් බවකි..
යම් කාර්‍යයක හිඳි වෙලාවක
අහඹු ලෙස යම් පුද්ගලයෙකුගේ
දුරකථනයක මා අකුරින් සිත්තම්
කල කවක වැකියක් නෙත ගැටුනි..
කින්නරාවිය හා එක්ව සිටින
දෙදහසකට අදික පිරිසකගෙන්
එකෙකු හමුවීම මා සතුටට
කරුණක් විය.. කින්නරාවිය
මිය යාවි.. එහෙත් ඔබ සැම
වෙනුවෙන් අකුරු එක්කරාවි..
මියැදෙනා තෙක්ම මතු කාලයක්ම..
```````````````````````````````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴
මියැදෙන්නට අර අඳින 
මගේ ජීවයට පන දිය
හැක්කේ ඒ ඔබටම
පමණයි.. මා ඔබේම
පමණයි.. සඳ තනියට
ලඟම හිඳින කින්නරාවි..
``````````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴

මගේ ආදරය ඔබ හට
සතුටක් සැපතක් නම්
තව තව ආදරේ වැඩි
වෙන්නම්.. මගේ ආදරේ
කඳුළක් සුසුමක් නම්..
ඔබගෙන් නික්මී මම
යන්නම්.. ඔබ මට කරණා
ආදරේ තරම් හද..දැනෙනවා
මට හද ගැහෙන සැරින්..
මොන බොරු කෙරුවත් මට
ඔබේ ආදරේ මට දැනෙනවා
පෙර හැම දාටම වැඩියෙන්..
```````````````````````````````````
෴%සඳකින්නරාවි%෴
ආදරණීයයි හැම 
සිතුවිල්ලක්ම දයාබරයි..
උතුරා යයි සෙනෙහස
මහා ගඟුලයි.. හද 
පිබිදෙයි.. ලෝකයක්
මට නොපෙනෙයි.. ඒ..
ඔබයි මමයි.. යන එන
රැඳෙන හැම තැන ඔබ
මගේ ලඟයි.. ආදරෙයි..
මගේ හිතම හැම විට
ඔබ ලඟයි.. මම ආදරෙයි..
`````````````````````````````````
෴%සඳකින්නරාවි%෴
දකින හැම හීනයක්ම
සැබෑ නොවන බව දන්නවා..
හීන දකින නිසාම නොනිදා
ඉන්නවා.. ඒකටත් මොලේ
තියෙන්න ඕනේ.. අර කාටද
වගේ.. හීන මාලිගා මවලා
හීන බොඳවුනාම හදවතට
දැනෙන සනීපෙ.. කියලානම්
වැඩක් නෑ.. මෙතැන් සිට
බිඳ වැටෙන හීන මාලිගා නිසා
තව දුරටත් හීන දකින්නත් හීන
මවන්නත්.. මට තහනම්.. කර
හදිසි නියෝගයක් පනවනවා..
```````````````````````````````````
෴%සඳකින්නරාවි%෴
මම ගොඩාක් සතුටින්.. ඒ ඔයා
හන්දා.. ඒ වගේම මම ගොඩාක්
දුකින්.. ඒ මම නිසා.. හමුවීම්
හැම එකම සොඳුරු වෙන්නේ
නෑ.. සොඳුරු වුනත් සදා කාලික
නෑ.. වටහා ගන්න බැරි බැඳීම්
තේරුම් ගත නොහැකි අදහස්
විරසක වීම් වැඩි කරනවා..
මිනිසුන් වටහා ගැනීමේ අසීරු
දුර්වල කම නිසා මගේ සමහරු
දැඩි අපහසු තාවයට පත්වෙනවා..
සිත් තැවුලට පත් වෙනවා.. ඉතිං
මට සමාවෙන්න හිත රිදවූවට..
````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴
ඔබ උණුසුම්.. ආදරේ උණුසුම්..
ජීවිතේ.. හමුවුනා.. නොකී දහසක්
කථා.. අපි අපි ගැන දෙඩෙව්වා..
රැය පහන් වුනා.. හද පුරා මල්
පීදුනා.. ඉතිං ඔබට මම ආදරේ 
බව.. මම උමතුවෙන් බව හංගන්නේ
කොහොමද.. ඔබ නැතුව එකම එක
මොහොතක් ගෙවන්නේ කොහොමද
මම දන්නේනෑ.. අන් අය අතරින්
ඔබව මම දකින්නේ යෝධයෙක්
වගෙයි.. මහ මගදිත් ඔබ සිහිව
දෑස් පියවෙන්නේ හදවතම රිදුම්
දෙමින් නම්.. මගේ සතුට ඔබම නම්
අද මම ජීවත් වෙනවානම්.. හෙට
මියැදෙන බව දනිමි.. ඔබ - මම-
ආදරය.. හමුවීම.. ඔබ හා මම
ආදරය විඳිනවා මිස තව කුමක්ද..
````````````````````````````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴

මට ඔයාව මග ඇරෙන හැම
මොහොතක්ම මගේ හද රිදෙන
තරම දන්නේ මම විතරයි.. ඒක
ඔයාට තේරුම් ගන්න බෑ.. මම
ඔයාට ආදරේ තරම් ඔයාට
කවදාවත්ම හිතා ගන්න බැරි
වෙයි.. හැම දේම මම හදවතේම
ගුලිකරන්.. බර සුසුමකින් හැම
දේම පිට වෙන්නේ පුරුද්දකට..
මගේ හදවතේම හිර කරන් මං
හෙටත් හිනා වෙන්නම් ඔබ එක්ක..
හුස්මක්වත් නොවිඳිනා දුරක හිඳ..
ආදරේ පිරුණු මගේ නොවන ඔබට
අයිති ඔබ නොදත් ඒ අහිංසක මම..
ආදරෙයි.. මම මගේ නොවන ඔබට..
````````````````````````````````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴

ජීවිතේ නැති වෙලා මං මුලා
වෙලා.. උන්නු දවස මා ඔබ
කතා කලා.. ජීවිතේ තනිකම
දරා ගැනීම ගැන මට තේරුම්
කලා.. ජීවිතේ වැටුන එකම
තැනවත් අවසාන තැනවත්
නොවන බව මට තේරුම් කලා..
අතීතයක් නොමැතිව අනාගත
කාලයකට යා නොහැකි බව..
වර්තමානයේ අවබෝධකරගෙන
ජීවිතේ හැඩ ගැහෙන්න නම්
අතීතය හැම දේම මිහිදන්කල
යුතුබව අවබෝධ කලා.. ඔබ
මට පැතුමක් නොවන මිණි පහනක්
මගේ ලඟම ඉන්න අත නොගැටෙන
තරු පොකුරක්.. සඳ කිරණක්..
``````````````````````````````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴

ඔබ කතා කරණ හැම
විටම මගේ හදවත 
ගැහෙන්නේ මට දරා
ගන්න බැරි විදියට..
ඒ තරම් මට ඔබව
දැනෙනවා.. ඔබගේ
තුරුලට වෙලා හැමදාම
සැනසෙන්න බැරි වුනාට..
මගේ හදවතේ ඔබට
ඇරෙන්න තවත් යළිත්
කවරෙකුටවත් ඉඩක්
නොතිබේවි.. මට ඔබ
නොදැක ගෙවෙන හැම
මොහොතක්ම හද වේදනා
ගෙනෙනවා.. ඒත් අසීරුවෙන්
මම දරා ගන්නවා.. ඒ ඔබ
ගැන ඔබේ ලෝකය ගැන මම
හොඳින් දන්න නිසා.. මගේ
ආදරේ පිලිගන්න තරම්වත්
ඔබට නොහැකි බව හොඳින්
දන්න නිසා.. මට ඉන්නේ ඔබ
පමණක් බව පමණක් දැන
ඉන්නවා නම් දිවිය පුරාවටම
හැම දුකක්ම දරා ගන්නම්..
```````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴

අඩියෙන් අඩිය දවසින් දවස
මම ඔයාට තවත් ලං වෙනවා
මිසක්.. ඈත් වෙන්නේ නම්
නැති වෙයි.. අපි කෙතරම්
උත්සහා කලත් මේ බැඳීම
නවතන්න.. ඒක බොරුවක්..
මට ඔයා ලඟදි දැනෙන සතුට
මෙච්චරයි කියන්න බෑ.. නැති
උනහම දැනෙන පාලුව ගැන
මම කියන්න ඕනෙද.. සමහර
වෙලාවට මුණ ගැහුනත් ඉවත
බලන් ඉන්නේ ආඩම්බර කමට
නෙවෙයි.. මම ඔයාට වදයක්
වෙලා ඇති කියලා හිතලයි..
ඔයා මට පෙන්නපු රුවලට
මම දැන් ගොඩවෙලයි ඉන්නේ..
සැඩ පහරින් බේරන්න හබල්ගාන
හැටි මට ඔයා කියලා ..දෙන්න..
හැකි හැම මොහොතක්ම මට
දෙන්න.. මගේ ලඟින්ම ඉන්න..
`````````````````````````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴

කාලයක්ම මට දුකක් නොදැනුන
ආදරයක් තිබ්බා.. වේදනාව නො
දැනෙන තරමටම ජීවිතේ ගලා
ගියා.. මාව වටහා ගන්න බැරිවූ
නිසාම සියල්ල බිඳ වැටුනා..ස්තූතී
දුන්න දුකට.. සතුටට වඩා ගොඩාක්
සනීපෙට මම වින්දා.. හැම දේම
අමතක කලා.. ජීවිතේ ගලා යනවා..
පැතුම් පොදි බැඳන් නෑ.. බැඳීම්
වැඩි කරන් නෑ.. ලැබෙන හැම දේම
විඳ ගන්නවා.. සමහර දේ වැටහෙන්නෑ..
හදවත රිදුම් දෙනවා පමණයි..
සියල්ල එලෙස සිදුවේවි.. සමස්ථ
ජීවිතය පුරාම ජීවිතය සොඳුරු බව
නොවිඳි තැන් බොහොමයි.. ගෙවුන
දිවිය ගැනවත් ගෙවන දිවිය ගැනවත්
තැවීමෙන් ඵලක් නොමැත.. අසාර්ථක
කම ගැන කියූ සියල්ල සැබෑය.. මම
කිසිදා පරිපූර්ණ පුද්ගලයෙකු නොවේ..
ආදරණීය සොඳුරු පුද්ගලයෙකු වෙමි..
``````````````````````````````````````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴

ආදරේට ලිමිට්ස් තිබෙනවාද
ආදරේට රූල්ස් තිබෙනවාද
ආදරේ ගැන මම නොදත් දේ
තමයි මේ.. ආදරේ කරද්දි මේ
නෝ ලිමිට් නිසා තමයි ආදරේ 
නැති වෙන්නේ.. ආදරේ කරන
කෙනා ලඟම හැම මොහොතෙම
දැවටෙන්නයි මට ඕනේ.. ගතවෙන
හැම මොහොතම ආදර මොහොතක්
කරගන්න.. ඔබ ගැනම හිතන්නයි
මට ඕනේ.. මගේ ආදරේ සීමාවක්
නෑ.. මට නීතියකුත් නෑ.. කාගෙවත්
ආදරයක් මම ලබා ගන්නෙත් නෑ..
මට ආදරේ නම් ඒ ආදරය පමණයි
මට ඕනේ.. මගේ නොවන ආදර මට
තිබුනත්.. හැර ගියා මිස මම පිටුපා
නෑ.. ආදරේට ආදරෙයි මම ගොඩාක්
මා සතු එකම හා වටිනාම ධනය
ආදරයයි.. ඔබයි රම්‍ය සඳ කිරණ
ඝන අන්දකාරේ.. ඔබයි සෙෳම්‍ය
තරු එළිය ගිම්හාන කාලේ.. මම
මේ ගීයට පෙම් බඳිමි.. ඒ ඔබට
දැනෙන මට දැනෙන හද ගැහෙන
රාවයට.. ගීය රිද්මය තරමටම..
````````````````````````````````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴

ඔබ අද යමක් කරන්න
උත්සහා කරන්න.. ඔබ 
අසාර්ථක විය හැක..
හෙටත් උත්සහා කරන්න..
අපහසු විය හැකියි.. ඔබ 
උත්සහාය අත් නොහරින්න..
යම් දිනෙක ඔබ හිතුවාටත්
වඩා සාර්ථක වනවා සිකුරුයි..
````````````````````````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴

හිත ලඟම නැවතිලා..
සිහිනයක තනිවෙලා..
ජීවිතය දැනෙනවා..
ආදරේ වැඩිව‍ෙලා..
ඔබ එතැයි සිතෙනවා..
සැනින් ඔබ හිඳිනවා..
හද ලඟම දැනෙනවා..
සොඳුරු ලොව විඳිනවා..
......................................
෴%සඳකින්නරාවි%෴

අහේතුක දේට හේතු
කාරණා නැති බව මම
දන්නවා.. ඒත් සමහර
දේ පැටලිලි සහගතයි
මම හොඳින් නෙවෙයි..
හැම දේම එපා වෙනවා..
ඒත් ඔබ සතුටින් නැති
බව මම දන්නවා.. යම්
විශ්වාසයක් මා කෙරේ
ඇත්නම්.. මාව විශ්වාස
කරනවා නම් යළිත් මම
කියන්නම්.. හීන දාහක්
පෙනුනත්.. මම හැම..
තත්පරයක්ම ගෙවන්නේ
ඔයාත් එක්ක.. ගැහෙන
හැම රිද්මයම ඔබේම
බව.. කිසිවක් නොපතමි
මම.. නොදෙන්න ආදරේ
මට.. දුකක් නෑ මට.. ඒත්
මෙහෙම නොවෙනවා නම්
තමයි හොඳ.. දන්නවා ඔබ
මට හුඟක්ම ආදරේ බව..
````````````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴


මගේම කියලා මටම කියලා
අයිතියක් නැති වස්තුවක්
පාවිච්චි කරන්න අපි හරිම
භයයි.. මිලදී ගන්නත් වත්
කමක් නැත්නම් හොරාට
ලඟ තියාගන්නත් බැරි නම්
අයිති කාරයා අත්හැර දමා
යනතුරු හිඳිය යුතුයි..
කොහොම හිතුවත් තේරුම්
ගන්න අමාරු තැන් නැතුවත්
නොවෙයි.. සරලව දුකත් අපිට
නම් දුකට හේතුවත් හදාගන්නේ
අපිමයි.. හැර දමා යන ජීවිතේ
තවත් හැඩි කරගන්නේ ඇයි..
`````````````````````````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴

කොහොමද ඔච්චරටම ඔබ
ආදරය කරන්න ඉගෙනගත්තේ..
හිතන්න යමක් මටද ඉතුරු 
කලාද මන්දා.. ආදරය කැපවීම
පරිත්‍යාගය හඳුනන්නා සැබෑම
ආදරවන්තයෙකු බව ඔබ දන්නවාද..
අනෙකාගේ සැපත, සතුට හිතන්නේ
සැබැවින්ම අවංකව ආදරය කරණ
නිසා බව කිව හැකියි.. ඔබේ ආදරේ
එසේ ලබන්නා සැබෑ වාසනාවන්තියකි..
ජීවිතේ අරුත නම් ආදරයෙන් විඳිය
හැකිය.. මගේ පැතුම ඔබේ සතුටයි..
හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න..
````````````````````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴

ඔබ එළිය දුන් මාවත දිග
හඹා යමි වියරුවෙන්..
ආදරෙන් පිපාසිතව..
අඳුර අත ගෑ වෙමි.. සඳ
එළියෙන් නැහැ වෙමින්..
ජීවිතය අහුලමින් හිරු
කිරණේ බලාපොරොත්තු
පොදිගසමින්.. ආදරය
වපුරාපු ආදර හිත් පොඩ්ඩ
ලඟ මොහොතක් සැනසෙන්න..
````````````````````````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴
ඔබ ආදරේ බවත් දන්නවා
ආදරේ නිසා දුක් විඳින
බවත් දන්නවා.. උන් හිටි
හැටියෙම ඇති වෙන වෙනසට
හේතුවත් දැනෙනවා.. ඒකත්
සැබෑම ආදරය තමා.. කොයි
කොහොම වුනත් ආදර දෙහිතක්
ආදරේ නාමෙන් ගොඩාක් දුක්
විඳිනවා.. තව තවත් ආදරේ
වැඩි වෙනවා.. ආදරේ බව
එකිනෙකාට නොකියාම ආදර
හීන ගොඩ ගැහෙනවා.. යම්
දිනෙක ලබන වියෝදුක දරන්න
දැනුත් හුරුවෙනවා.. ආදරේම
මායාවක්.. හිත හැම මොහොතෙම
ගිනි ගන්නවා.. අනවසරෙන්ම මගේ
හිත ආදරයෙන් බැඳී අවසානයි..
`````````````````````````````````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴


හිස්ම හිස්වූ 
පිටුවට හිස්ම
හිස් වූ වචනයක්
ආදරය.. මගේ..
අද ආපු හෙට
නොයෙන යළිත්
ඒදෝ නොදන්න
වයිබ්‍රේට් වෙන
ආදරය මගේ..
හද ගැහෙන රිද්ම
නොහඳුනන ලඟ
නැතත් හදට දැනෙන
මට දැනෙන මගෙම
නොවන ආදරය මගේ..
````````````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴

Saturday, December 17, 2016

මෙතෙක් මා සිතුවා වැරදි
බව රාත්‍රිය පහන් වන තුරැම
සිතුවෙමි.. අප කල කථාබහ
එකිනෙක බැලුවේමි.. සත්‍ය
නම් මවිසන් මා රවටා ගත්තා
පමණි.. කිසිවෙකුට මගෙන්
ඵලක් නොමැත.. මටද කිසිදු
ඵලක් නැත.. අවඤ්ඤාවට
ලක්වනවා මිස.. හිත තුල ඇති
හැඟීම් පහදන්න අසීරුයි..
ඒත් මා තවමත් හුදෙකලාවෙයි..
අවසානය මම දනිමි හොඳින්..
සියල්ල අවබෝධයෙන් ජීවත් වෙමි..
````````````````````````````````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴
පන වගේ ආදරේ කරලා
සුනු විසුණු වුන හදවතක
තියෙන වේදනාව තේරුම්
ගන්න පුළුවන් එහෙමත්
කෙනෙකුට.. එහෙම තේරුම්
ගත්තු කෙනෙකුට උනත් පන
වගේ ආයෙත් ආදරේ කරන්න
පුළුවන් කියන්නේ.. නම් ලොකූ
භාග්‍යයක්.. මම ආදරේ කරනවා..
ජීවිතේ හැමදෙයක්ම අමතක
කරන්න බැරි උනත් ආදරේ කරණ
කෙනාට කිසිදු අසාධාරණයක්
වෙන්න මම දෙන්නේ නෑ.. අතීතය
මගේ.. වර්ථමානය අනාගතය අපේ..
සියල්ල මොන අයුරින් විසඳුනත්
මාව තලා පෙලා හෙලා දැමූ හිත්
වලට මම වෛර කරනවා.. මං
ගැන නොහිතන කිසිවෙකුට යළි
කිසිදු දිනෙක මා ඉඩක් තබන්නෑ..
මගේ වේදනාව නොදන්න අයට
මම මියගිහින් අවසන්.. මගේ
චිතකයේ අළුත් පා කර යවා
අවසානයි.. ආදරේ පිරුණු හදක්
මටත් තියෙනවා.. පෙර හෙළූ
කඳුළින් ජීවිතේ වන්දි ගෙවා අවසන්.
`````````````````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴