Saturday, November 19, 2016

ඔබ ගැන මා හිතන විදිය
කොයි වගේද.. මා ගැන
ඔබ හිතන අයුරැ කොයි
වගේද.. මේ දේ ගොඩාක්
වැදගත්.. එකිනෙකාට
කතා කරලා විවෘතව දැන
ගන්න පුළුවන් නම්.. ගොඩාක්
දුරට අවංකව.. ප්‍රශ්ණ ගොඩාක්
විසඳෙනවා.. හිත ඇතුලෙ දෙයක්
තියන් තව දෙයක් කතා කරද්දිනම්..
ප්‍රශ්ණයක් අනිවා ඉතුරැ වෙනවා..
ලෝකෝත්තර කපටි කෛරාටිකයි
නම් මම අද ඉන්න ඕනේ මෙතනද?..
ඇයි ඒ දේ ප්‍රයෝජනයට නොගත්තේ..
ජීවිතේ මම හිතනවාට වඩා ගොඩාක්
වෙනස්.. ගෙවුනු සබඳකම් ගිලිහුනේ
මගේ වරදින් නොවේ.. තව දුරටත්
ඒ අය මගේ ලෝකයේ නෑ.. අනුරාගික
සිතුවිලි මින් මතු යළි කවදාවත්
ඇතිකර ගන්නෙත් නෑ.. තව දුරටත්
ආදරේ හොයා යන්නෙත් නෑ..
```````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴


No comments:

Post a Comment