Saturday, November 19, 2016


හිත හොඳටම රිදිලා..
ගොඩාක් පීඩනයෙන් උන්නේ..
හැම දෙයක්ම අමතක කරන්න
හැදුවත් හැම දේම අවුල් කර
ගන්නවා.. කොයි දේ කලත් මට
ඔයා උන්නා.. පැලෙන්න තරම්
රිදෙනකොට ඔළුවම මට ඔයාව
තදින්ම දැනුනා.. මගේ ලඟම
ඔයා උන්නා වෙනදා වගේම..
මට එකවරම අකුණු පහරක්
එල්ල වුනා.. දෑස් තෙත්වුනාද
ක්ලාන්ත උනාද මම දන්නේ නෑ..
තවම මම සිහිසුන්වයි ඉන්නේ..
ඔබ සියල්ල පවසා අවසානයි..
මමද කියා අවසානයි.. මියැදුනු
ආත්මයකට පණ පොවන්න මම
දන්නේ නෑ.. ඒත් මියැදුනත් මට
සැනසීමක් නම් නෑ.. ඒ ඔයාගේ
හිත රිදවීමේ වරදට.. එකම එක
දෙයයි මට කල හැක්කේ..ඒ ඔබේ
හිත රිදවීමේ වරදට සමාව ඉල්ලීම
පමණයි.. මහා දුකක් වින්ද මමත්
මහා දුකක් දුන්නානම් විඳ වන්නම්
සසර පුරාම.. හැර යන්නම් සියල්ලම..
```````````````````````````````````````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴

No comments:

Post a Comment