Friday, November 18, 2016



නැවත හමුවීමක් නැති ආදර
කතා ගොඩාක් අත්හැරියට
රිදෙන හිත හදාගන්නම කල්ප
කාලයක් ගතවෙනවා.. සමහර
දාට හුස්ම ගන්නත් අමතක
වෙනවා.. පහු ගිය අතීතය මා
සිත්තම් කරනවා.. සිනමා පටයට
ඒ තුලින් මා දකිනවා මගේ ආදර
සොඳුරැ දසුන් එකින් එක.. මම
ජීවත් වූවා ඒ තුල.. ඒත් පහුගිය
කාලය මා ජීවත් නොවුන ගානටම
අමතක කරන්න මට අවැසි වුනා..
ඒ සොඳුරැ දසුන් වෙනුවට මතුවන
නරකම කාලය අමිහිරිම සිදුවීම්
එකින් එක මට සරදම් කරන නිසා..
ඒත්.. මෙතෙක් අවසානයේ මම
දකිනවා සොඳුරැ සිහිනය.. අවදි
වෙන්න බැහැ මට.. කරදර කරන්න
එපා මට හැමදාම නිදන්න දෙන්න
සදහටම ඒ හීනයේ.. අවසානය
සිහින සිත්තම් පඨයක් තනන්නම් මම..
කාටවත් නෙවේ.. මටම විතරක් බලන්න..
```````````````````````````````````````````````
෴%සඳකින්නරාවි%෴




No comments:

Post a Comment