Friday, November 18, 2016

මට දුන්නු ආදරේ
හිත ලඟම සඟවලා
ආදරේ කරනවා..
ලෝකයට සැඟවිලා..
පවසන්න මට දිනක්
ආදරේ යයි කියා..
ලෝකයම මගෙ එදා
ආදරෙයි දද සදා..
පායනා හිරු සඳුත්
පවසාවි මතුදාක..
ආදරේ කෙතරම්
සොඳුරුයිද කියා..
ඔබ දුන්නු ආදරේ..
මුළු ගතම සනසලා..
සැනසීම ගේනවා..
සසර සරණා තුරා..
කෙතරම්ද ආදරේ
පවසන්න දන්නෙ නෑ..
කිසිදෙයක් නෑ හිතේ..
ඔබේ ආදරේ තරම්..
ඔබ දුන්නු ආදරේ..
මුළු ගතම සනසලා..
සැනසීම ගේනවා..
සසර සරණා තුරා..
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
෴%සඳකින්නරාවි%෴

No comments:

Post a Comment